අප්‍රේල් 21 ප්‍රහාරය: රස පරීක්ෂක වාර්තා අධිකරණයට

කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයට අදාළ වාර්තාව ලබන සතියේ අධිකරණයට

by Staff writer 14-09-2019 | 5:21 PM

COLOMBO ( News 1st ) - කොච්චිකඩේ දේවස්ථානයට අප්‍රේල් 21 වන දා එල්ල වූ ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග මහතා ප්‍රකාශ කළේ, අදාළ වාර්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ය. මීට අමතරව කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් පරිශ්‍ර 3ක සිදු වූ පිපිරීම්, මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදු වූ පිපිරීම සහ සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ පිපිරීම පිළිබඳව කළ අපරාධමය වාර්තා ද ඒ ඒ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. රජයේ රස පරීක්ෂක ඒ වැලිඅංග මහතා සඳහන් කළේ, පිපිරීම් සිදු වූ ස්ථානවල අපරාධමය සිදුවීම් වාර්තා කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 7ක් යෙදවීමට පියවර ගත් බව ය.