උ/පෙළ දෙවන අදියරේ ඇගයීම් හෙට ඇරඹේ

උ/පෙළ ඇගයීම් කටයුතු නිසා වැසෙන පාසල් මෙන්න. 

by Staff writer 14-09-2019 | 2:32 PM

COLOMBO (News 1st ) - අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් හෙට සිට ලබන පළමු වනදා දක්වා පාසැල් 04ක් සම්පුර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම කාල සීමාව තුළ තවත් පාසැල් 23ක් අර්ධ වශයෙන් වසා තැබීමට නියමිතයි. සම්පුර්ණයෙන් වසා තැබෙන පැසල් - කොළඹ ආනන්ද විද්‍යාලය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය මාතර මහානාම විද්‍යාලය කුරුණෑගල ලක්දාස් ද මැල් මහා විද්‍යාලය අර්ධ වශයෙන් වසා තැබෙන පාසැල් - කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය විශාකා විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය ගම්පහ යශෝදරා දේවි විද්‍යාලය බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය කළුතර තිස්ස විද්‍යාලය සහ වේලාපුර විද්‍යාලය යි. කෑගල්ල ශාන්ත ජෝශප් විද්‍යාලය කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය උසස් බාලිකා විද්‍යාලය මහානාම විද්‍යාලය ද මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය සුධර්මා විද්‍යාලය අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය බදුල්ල ධර්මදුත විද්‍යාලය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය මඩකලපුව ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය යාපනය හින්දු බාලිකා විද්‍යාලය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය වව්නියාව ශෛව ප්‍රකාශ් මහා විද්‍යාලය