සජිත් අද රාත්‍රියේ තව ත් සාකච්ඡාවක

ඇමති සජිත් හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද රාත්‍රියේ

by Staff writer 14-09-2019 | 11:03 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වේ.

ප්‍රගතිශිලි මහජන පෙරමු‍ණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ, අද රාත්‍රි 8.00 න් පසු සාකච්ඡාව පැවැත්වෙන බවයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේ ය.