දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත්

දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත්

දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත්

කර්තෘ Staff writer

14 Sep, 2019 | 5:01 pm

COLOMBO ( News 1st ) –  දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ය.

සෙසු පළාත්වල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]