හැටන් කාන්තාවගේ ඝාතනයට දෙදෙනෙකු දැලේ

හැටන් 81 හැවිරිදි කාන්තාවගේ මරණය: පුත්‍රයා සහ මුණුබුරෙකු අත්අඩංගුවට

by Staff writer 13-09-2019 | 4:35 PM

COLOMBO (News 1st) - හැටන්, රොසැල්ල විග්ටන් වතුයායේ අසූ එක් හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පුත්‍රයා සහ වැඩිමහල් මුණුබුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම නිවසේ සිටි අට හැවිරිදි දරුවෙකුගෙන් ලබා ගත් ප්‍රකාශයක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. එහිදී අදාළ දරුවා පවසා ඇත්තේ, තම පියා සහ වැඩිමහල් සොහොයුරා තම මිත්තනියට මුගුරකින් පහරදී අනතුරුව උරයකට දමා නිවසින් රැගෙන ගිය බවය. ඒ අනුව මියගිය කාන්තාවගේ සිරුර නිවස පිටුපස වගා ළිඳක තිබියදී සොයාගෙන ඇති අතර එම සිරුර අද හැටන් වැඩබලන මහේස්ත්‍රාවරයාගේ අධීක්ෂණ යටතේ ගොඩ ගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අසූ එක් හැවිරිදි වල්ලිඅම්මා රංගේ නැමති කාන්තාවයි.