පාකිස්ථාන ජාතිකයින් 7කට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

මෙරටදී හෙරොයින් ජාවාරම් කළ පකිස්ථාන ජාතිකයින් 7 කට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

by Staff writer 13-09-2019 | 3:56 PM

COLOMBO (News 1st) - මෙරටට හෙරොයින් ආනයනය කිරීම සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන ජාතිකයින් 7 දෙනෙකුට මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

ඒ සැකකරුවන් අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුවයි. ඉන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව මගිනි. ඔවුන් විවිධ ක්‍රම ඔස්සේ ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒමට තැත්කර ඇති හෙරෙයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 3 කට අධිකය.