බඩ ඉරිඟු වගාවට යළිත් සේනා උවදුර

බඩ ඉරිඟු වගාවට යළිත් සේනා උවදුර

by Staff writer 13-09-2019 | 12:59 PM

COLOMBO ( News 1st ) - මොණරාගල ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවන් ආශ්‍රිතව නැවතත් සේනා දළඹු උවදුර පැතිර යමින් ඇතැයි ගොවීහු පවසති.

මොණරාගල සියඹලාණ්ඩුව කළුඔබ්බ ගම්මානයේ ගොවීහු පසුගිය කාලය පුරාවටම සේනා දළඹු උවදුර හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටියහ. පසුගිය කාලයේ කළ වගාවන්වලින් නිසි ප්‍රයෝජනයන් ගත නොහැකි වූ ඔවුන් යළිත් බඩ ඉරිගු වගාව අරඔන්නේ පසුගිය කාලයේ සිදු වූ පාඩුව පිරිමසා ගැනීමේ අරමුණින් ය. එහෙත් මෙවර ද ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් වගාවන්ට සේනා දළඹු උවදුර පැමිණ තිබේ. ගොවීන් පෙන්වා දෙන්නේ මේ වන විට බඩ ඉරිඟු වගාවේ 70%ක් පමණ විනාශ වී ඇති බව ය.