කේරළ ගංජා තොගයක් ත්‍රීකුණාමලයෙන්

ත්‍රීකුණාමලයෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් පොලිස් භාරයට

by Staff writer 13-09-2019 | 4:39 PM

COLOMBO ( News 1st ) - ඊයේ රාත්‍රියේ සහ අද අලුයම ත්‍රීකුණාමලය පොලීසිය සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් තුළින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5.5ක ප්‍රමාණයක් ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් පොලිස් භාරයට ගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, පොලීසියට ලද තොරතුරක් මත එම වැටලීම් ක්‍රියාත්මක කර ඇති බවයි. වැටලීම් තුළින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5.5ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය. වැටලීම් තුළින් සැකකරුවන් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. මේ සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ඇති.