COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලැබෙන්නේ කාට ද?
නිදහස් පක්ෂය පැවසූවේ, පොහොට්ටුව ලකුණට තමන් එකඟ නොවන බවයි.
නමුත් පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ අත්හැරීමට සූදානම් බවක් පෙනෙන්නට නැත.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ලාංඡනය ගැන කරුණු ඉදිරිපත් කිරීම එකතුවීමට ගැටලුවක්නේ ද ?
ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල,
මුලික සිද්ධාන්ත පක්ෂ දෙකක් එකතුවෙන කොට තියේ. එකඟයි කියලනේ කියන්නේ ලාංඡනය ප්‍රශ්නයක් කර ගන්නෙම මම හිතන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවකට. මම හිතන්නේ අර නොවේන දෙකට මේක ගෙන යාමට උත්සහා කිරීමක් කරනවා කියලයි අපි දකින්නේ මොකද ඒක එහෙම තර්කානුකුල ප්‍රශ්නයක් නෙවෙයි. පොහොට්ටුව කියන එක බැරැන්ඩි එකක් වෙලානේ තියෙන්නේ. ඒ නිසා එය කඩා බිඳ දමන්න උත්සාහ කරන්නේ සමහර විට යටි හිතේ ඔවුන්ට වෙන කොන්ත්‍රාත්තුවක් ඇති.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
පොහොට්ටුව වෙනස් කරන්න කියලා ඉල්ලීම සාධාරණයි කියලා ඔබතුමා හිතනවා ද?
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන,
නෑ කිසිම සාධාරණකමක් නෑ. සරල උදාහරණය කැලණි මිටියාවතේ හෝමාගම මගේ මැතිවරණ කෝට්ඨාසයේ මේ හැම පක්ෂ ලකුණක්ම ඒ මැතිවරණය ප්‍රාදේශිය සභාවට තරග කරා. ප්‍රතිඵලය මේ වර්ග සැතැප්ම විසි පන්දහස් තුනසිය තිස් දෙකක් තුළ හෝමාගම ජනතාව පොහොට්ටුවට එකතු කරන වැඩිම ජන්ද ප්‍රමාණය අසු එක්දහසක් එකතු කරා. ඒ පොහොට්ටුව පිළිබඳ ජනතාවගේ විශ්වාසය. එතකොට අපේ ගොඩට, ජනතාවගේ ගොඩට ඡන්ද ලක්ෂයක් තියෙන කොට ඒ ගොඩෙන් අසු එක් දහක් නියෝජනය කරන පොහොට්ටුව අත් අත්හරින කොට පුළුවන් ද? හෝමාගම ජනතාවගේ නියෝජිතයා වශයෙන් එකට ඒකඟ වෙන්න බෑනේ. ඒක සාධාරණ නැහැ