ඇල්පිටිය තැපැල් ඡන්දය ලබන 27 වන දා

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

by Staff writer 13-09-2019 | 11:09 AM
COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද දිනය තුළ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එම අයැදුම්පත් භාර දිය හැකි බව ය. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දී තිබේ. මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීම ලබන 27 වන දා සිදු කරන බව ය.