මලයාසියාවේ ප්‍රදේශ රැසකට වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම්

මලයාසියාවේ ප්‍රදේශ රැසකට වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම්

මලයාසියාවේ ප්‍රදේශ රැසකට වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම්

කර්තෘ Staff writer

13 Sep, 2019 | 10:49 am

(News 1st) – මලයාසියාවේ ප්‍රදේශ රැසකට වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එළිමහනේ ගැවසීමෙන් වළකින ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇති බව ය.

සරවක්, සෙලංගෝ ඇතුළු පළාත් රැසක් දුමාරයෙන් වැසී යාමත් සමග වසා දමා ඇති පාසල් ගණන 409කි.

මලයාසියානු ආපදා කළමනාකරණ ඒකකය මුහුණු ආවරණ ලක්ෂ ගණනක් ජනතාව අතර බෙදා හැර තිබේ.

පරිසරවේදීන් පවසන්නේ, සති 2ක් තිස්සේ ඉන්දුනීසියාවේ පවතින ලැව්ගිනි හේතුවෙන් මලයාසියාවට එලෙස බලපෑම් එල්ල වී ඇති බව ය.

ඉන්දුනීසියා ලැව්ගිනිවලින් මේ වන විට හානි වී ඇති භූමි ප්‍රමාණය අක්කර මිලියන 2.3කි.

මේ හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් සිය නිවාසවලින් ඉවත් කෙරිණි.

ගින්න නිවා දැමීම සඳහා 10000කට ආසන්න පිරිසක් මෙහෙයුම්වල නිරත වෙති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]