පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

by Staff writer 12-09-2019 | 6:22 PM

COLOMBO (News 1st ) - ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 2කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, තිරිඟු පිටි පෙර මිලටම නිකුත් කරන බවට අද දහවල් සමාගම් දැනුම් දුන් බව ය. ඊට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ද පහත දැමීමට අද පස්වරුවේ රැස් වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පසුගිය 06 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5කින් ඉහළ දැමීමට සමාගම් පියවර ගත්තේ ය. ඊට සමගාමීව එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 2කින් ඉහළ දමන ලදී.