"නිදහස් පක්ෂය වෙනම තරග කිරීම සුදුසුයි"

නිදහස් පක්ෂය වෙනම තරග කිරීම සුදුසුයි - චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක්

by Staff writer 12-09-2019 | 9:25 PM

COLOMBO (News 1st)  - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ජනාධිපතිවරණයට තරග කිරීම වඩා සුදුසු බව පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මතය වී තිබේ.

එතුමිය මේ අදහස් ප්‍රකාශ කළේ, ගම්පෙරළිය වැඩසටහන යටතේ අලුත්වැඩියා කළ නිට්ටඹුව, මාතලාන කිතුල් කොලදෙණිය වැව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.