තිරිඟු පිටි පෙර මිලටම

තිරිඟු පිටි පෙර මිලටම: බේකරි නිෂ්පාදනවල මිලත් සංශෝධනය වන ලකුණු

by Staff writer 12-09-2019 | 4:13 PM
COLOMBO (News 1st) - තිරිඟු පිටි පෙර මිලටම නිකුත් කරන බව සමාගම් දැනුම් දී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ඊට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනයක් සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා කරන බව ය. කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹන බව සඳහන් ය. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පසුගිය 06 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5කින් ඉහළ දැමීමට සමාගම් පියවර ගත්තේ ය. ඊට සමාගාමීව එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 2කින් ඉහළ දමන ලදී.