මැතිවරණ කොමිසමෙන් ITSSL ආයතනයට දැනුම් දීමක්

ජනපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන්නැයි, දැනුම්දීමක්

by Staff writer 12-09-2019 | 9:29 AM
COLOMBO (News 1st) : ඉදිරි ජනාධිපතිවරණ කාල සීමාවේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන්නැයි, ජාතික මැතිවරණ කොමිසම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනුම් දී තිබේ. ඒ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදීයි. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉලක්ක කර ව්‍යාජ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් දහස් ගණනක් නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එහි සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා සඳහන් කළේ, විවිධ පුද්ගලයින්ට අපහාස වන ආකාරයේ සටහන් හා වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බවයි.