බීජිං, ලොව දූෂිතම නගර ලැයිස්තුවෙන් ඉවත් වන ලකුණු

චීනයේ බීජිං ලොව දූෂිතම නගර ලැයිස්තුවෙන් ඉවත් වන ලකුණු

by Staff writer 12-09-2019 | 4:32 PM

( News  1st ) - චීනයේ බීජිං නගරය මේ වසරේ ලොව දූෂිතම නගර ලැයිස්තුවෙන් ඉදිරියේදී ඉවත් කිරීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වාර්තා ගත ලෙස එම නගරයේ වායු දූෂණ අගය පහළ යාම ඊට හේතු වී ඇති බව ය. වායු දූෂණය සඳහා මූලික වන‍ කර්මාන්ත වසා දමා පරිසර හිතකාමී ලෙස ස්ථානගත කිරීම, ඉන්ධන හා විමෝචන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මෙන්ම නගරයේ සහ අවට ප්‍රදේශවල ගල්අඟුරු පරිභෝජනය අඩු කිරීමට චීනය පියවර ගෙන තිබේ.