by Staff writer 12-09-2019 | 9:54 PM
COLOMBO (News 1st ) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා ප්‍රමාද වීම අසතුටුදායක තත්ත්වයක් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දන්වා තිබේ.
ලිපියක් යොමු කරන නීතිපතිවරයා පවසන්නේ, මාස දෙකකට පෙර කරන ලද ඉල්ලීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මෙතෙක් තමා වෙත වාර්තා කර නොමැති බව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා විසින් විමර්ශනය කළ යුතු බව ද, නීතිපතිවරයා එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
නීතිපතිවරයා පවසන්නේ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් විමර්ශන පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්ව ඇති බව ය.