by Staff writer 12-09-2019 | 4:53 PM
COLOMBO ( News 1st) - කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය තුළ ගින්නක් හට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ගින්න නිවා දැමීම මේ වන විට සිදු වන බව ය.
මේ වන විට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව ද පොලීසිය සඳහන් කළේ ය.
එය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ස්ථානයට අනියුක්ත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කාර්යාලය සඳහන් කළේ ය.
පොලීසිය සඳහන් කළේ, රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානයට කැඳවන බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අනුරාධපුර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වේ.