කංජිපානිගේ කෑම පාර්සලයෙන් මතු වූ ජංගම දුරකතන...

කංජිපානි ඉම්රාන්ට ගෙන ආ කෑම පාර්සලයෙන් ජංගම දුරකතන 2ක් මතු වෙයි: 6ක් අත්අඩංගුවට

by Staff writer 12-09-2019 | 7:39 PM

COLOMBO ( News 1 st ) - බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකතන 2ක් ලබා දුන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිරකරු දිනය නිමිත්තෙන් අද රැඳවියන්ට විවෘතව සිය නෑදෑයින් හමුවීමට අවස්ථාව සලසා දී තිබූ බව ය. එම අවස්ථාවේ කංජිපානි ඉම්රාන්ගේ සුවදුක් බැලීමට ඔහුගේ පියා, සහෝදරයා ඇතුළු 6 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට පැමිණ තිබේ. ඔහුට ගෙනැවිත් තිබූ ආහාර පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂමව සඟවා තිබූ ජංගම දුරකථන 2ක් සහ චාජර් 2ක් සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සැකකරුවන් 6 දෙනා සහ ජංගම දුරකතන වැඩිදුර පරීක්ෂණ සඳහා රත්ගම පොලීසියට භාර දී තිබේ. සංවිධානාත්මක අපරාධකරුවන් 6 දෙනෙකු පමණ මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.