පක්ෂ මහ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පක්ෂ මහ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පක්ෂ මහ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

කර්තෘ Staff writer

12 Sep, 2019 | 11:31 am

COLOMBO (News 1st) : දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නිත්‍ය නියෝජිතයින් ලබන 17 වැනිදා ජාතික මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, ලියාපදිංචි දේශපාලන පක්ෂවලට එම කැඳවීම සිදු කර ඇති බවයි.

එදින පෙරවරු 10.30 ට ආරම්භ වන සාකච්ඡාවේදී ඉදිරි ඡන්ද විමසීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.

ඒ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා, එහිදී උපදෙස් දී තිබේ.

රජයේ මුද්‍රණායලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව කටයුතු කිරීමට සූදානම් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]