Update: ප්‍රදේශ රැසකට මහ වැසි සමඟ තද සුළං

Update: ප්‍රදේශ රැසකට මහ වැසි සමඟ තද සුළං

Update: ප්‍රදේශ රැසකට මහ වැසි සමඟ තද සුළං

කර්තෘ Staff writer

12 Sep, 2019 | 6:58 am

COLOMBO (News 1st) : දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඊට හේතුව බවයි.

අකුණු සහ තද වැසි පවතින අවස්ථාවල ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ගොඩනැගිල්ලක් තුළ හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතු වේ.

ඊට අමතරව කුඹුරු, තේ වතු, ක්‍රීඩාංගන මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථාන වල රැඳී සිටීමෙන් වළකින්න ලෙස ද ජනතාවට දැනුම් දීමක් සිදු කර තිබේ.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට දකුණු හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැළිණ.

අප වාර්තාකරු පවසන්නේ ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ සිට තවමත් වැසි ඇදහැළෙමින් ඇති බවයි.

මේ හේතුවෙන් ගාල්ල වක්වැල්ල මාර්ගය, ගාල්ල බද්දේගම මාර්ගය, ගාල්ල මාපලගම මාර්ගය ඇතුළු අතුරු මාර්ග බොහොමයක් ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බලපෑම් එල්ලවිය.

—————————————————————————————————————————————–

COLOMBO (News 1st) : දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක් පමණ දක්වා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි සමඟ තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකියි.

මේ අතර ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙන්නේ, එක්දින යාත්‍රා සහ කුඩා යාත්‍රා මගින් මුහුදු යාමෙන් වළකින්න ලෙසයි.

දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි…

දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි… #lka #News1st #Weather #MetDepartment #NDB

تم النشر بواسطة ‏‎Newsfirst.lk‎‏ في الأربعاء، ١١ سبتمبر ٢٠١٩

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]