ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

12 Sep, 2019 | 7:19 am

දේශීය පුවත්….

1. “රනිල් – සජිත් හමුව සුබවාදීයි” – එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ කියති : එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ඊයේ රාත්‍රීයේ නැවතත් හමුවී සාකච්ඡා කළහ.

2. ගෝඨාභයගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප වෙයි : විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රයේ පෙළගැස්ම අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.

3. රතුපස්වල සිද්ධිය, බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය සහ හමුදා සෙබළුන් 3කට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි : රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා සහ හමුදා සෙබළුන් 3 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.

4. සාමනේර හිමිවරුන් දෙනමට පහර දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ : හොරොව්පතානේ සාමනේර හිමිවරුන් දෙනමකට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

5. හෙට ජනපති කොමිසම හමුවට පැමිණිය නොහැකි බව අගමැති දන්වයි : වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමන්ට හෙට (12) දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

6. අත්අඩංගුවට පත් JMI සාමාජිකයින් 11ක් වැඩිදුර විමර්ශන සඳහා TID භාරයට: තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ.

ක්‍රීඩා පුවත්…

1. පාකිස්තාන තරග සංචාරය ගැන පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා ඇමති කියයි : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

විදෙස් පුවත්…

1. බෝල්ටන් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් ඉවතට : ජෝන් බෝල්ටන් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් ඉවත් කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]