සාමනේර හිමිවරුන් දෙනමට පහර දුන් සැකකරු රිමාන්ඩ්

සාමනේර හිමිවරුන් දෙනමට පහර දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 11-09-2019 | 4:42 PM
COLOMBO (News 1st) - හොරොව්පතානේ සාමනේර හිමිවරුන් දෙනමකට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරු අද පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. චමින්ද ගලබොඩ හෙවත් උටියා ලෙස හඳුන්වන සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනිණි. ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. සිය වෙළෙඳ සලෙන් ටොෆි දෙකක් ගත් බව පවසමින් සාමනේර හිමිවරුන් දෙනමට සැකකරු පහර දී තිබේ.