නව හමුදාපති ධූරය ගැන UNHRCහි අවධානය

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයට පත් කිරීම ගැන UNHRCහි අවධානය

by Staff writer 11-09-2019 | 10:41 PM

COLOMBO ( News 1st ) - ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාවේ හමුදාපති ලෙස පත් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අසීස් මහතා ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ 42 වන සැසිවාරය අමතමින් කියා සිටියේ මෙම පත් කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණාවක් බව ය. ශ්‍රී ලංකාව පිළිබඳව අධ්‍යයනය කරන මූලික කණ්ඩායම අද මානව හිමිකම් කවුන්සිලයේදී පැවසුවේ, ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්වීම පිළිබඳව සලකා බැලිය යුතු බව ය.
රීටා ෆ්‍රෙන්ච් මානව හිමිකම් කවුන්සිලයේ බ්‍රිතාන්‍ය නියෝජිත "මහ කොමසාරිස්තුමියනි, අගෝස්තු 19 වන දින ඔබතුමිය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලෙස ජෙනරාල් සිල්වා පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව විසින් යුක්තිය. වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් වන සැලකිල්ල පිළිබඳ අපගේ අවධානය ද යොමුවී තිබෙනවා. අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා දේශපාලන රාමුව පිළිබඳවත් මානව හිමිකම් පිළිබඳවත් සැලකිල්ලක් යොමු කළ යුතු බවයි"
මේ අතර ඇතැම් රටවල්වල චෝදනා මත මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අප්‍රසාදය ද පළ කර තිබේ.