"රනිල් - සජිත් හමුව සුබවාදීයි"

"රනිල් - සජිත් හමුව සුබවාදීයි" - එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ කියති

by Staff writer 11-09-2019 | 9:40 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ඊයේ රාත්‍රීයේ නැවතත් හමුවී සාකච්ඡා කළහ.

එම සාකච්ඡාවෙන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපය තුළ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ය. අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ජාව ඊයේ රාත්‍රී 9.30ට පමණ ආරම්භ විය. අග්‍රාමාත්‍යවරයා සමග අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද මීට සහභාගී වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ කබීර් හෂීම්, රංජිත් මද්දුම බණඩාර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයට පැමිණි බව ය. රාත්‍රී 10.45ට පමණ මෙම සාකච්ඡාව අවසන් විය.