by Staff writer 11-09-2019 | 12:45 PM
COLOMBO (News 1st) : හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට තදවැසි සහ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව දැනුම් දේනනේ ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
මේ අතර නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි.
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු, උතුරු මැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 2න් පමණ පසු මිලිමීටර් 75 ඉක්ම වු වැසි අපේක්ෂා කරන බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
බස්නාහිර, සඹරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමේ වැඩි හැකියාවක් ද පවතී.