කිරිපිටි මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

by Staff writer 11-09-2019 | 12:52 PM
COLOMBO (News 1st) : කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමව තිබේ. එම කමිටුවේ සමාජිකයෙකු පැවසුවේ, ඒ අනුව නව මිල සුත්‍රය අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. එම මිල සුත්‍රය අනුමත වීමත් සමඟ මින් ඉදිරියට කිරිපිටි සංශෝධනය සම්බන්ධයෙන් සලකා බැලීම මෙම මිල සුත්‍රය හරහා සිදුකිරීමට නියමිතයි. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ගණන් උච්ඡාවචනය සැලකිල්ලට ගෙන මෙම මිල සුත්‍රය හරහා දේශීය වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් තීරණය කෙරෙන බව ජීවන වියදම් කමිටුව සඳහන් කළේ ය. මේ අතර පැරණි මිල ගණන් යටතේ ම තිරිඟු පිටි අලෙවි කිරීමට සමාගම් එකඟතාව පළ කළ බව ජීවන වියදම් කමිටුව පවසයි. එහි සමාජිකයෙකු පැවසුවේ, අදාළ එකඟතා පිළිබඳ අවසන් තීරණය සිංගප්පුරුවේ පිහිටි සිය මව් සමාගම්වලට දැනුම් දීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව, එම සමාගම් දැනුම් දුන් බවයි. පසුගිය 6 වනදා රුපියල් 5කින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමාගම් පියවර ගනු ලැබී ය.