කසල තේ කිලෝ 18000ක් STF භාරයට

කසල තේ කිලෝ 18000ක් STF භාරයට

by Staff writer 11-09-2019 | 9:34 AM
COLOMBO (News 1st) : මිනිස් පාරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 18000ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. ඒ, වත්තල ශ්‍රී වික්‍රම මාවත ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් ගබඩාවක සඟවා තිබියදීයි. එහි තිබී විද්‍යුත් තරාදි දෙකක් ද සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. කසල තේ සඟවා තැබු ගබඩාවේ භාරකරු අත්අඩංගුවට ගෙන ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනි සිටින්නැයි දැනුම් දී මුදා හැර තිබේ. ඔහු 50 හැවිරිදි වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී මෙම කසල තේ තොගය සොයා ගැනිණ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.