ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේදීත්

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේදීත්

by Staff writer 11-09-2019 | 1:01 PM
COLOMBO (News 1st) : ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. විෂන් - 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ ප්‍රකාශ කළේ, දිවයින පුරා රෝහල් 10 කදී එම ශල්‍ය කර්ම සිදුකිරිමට නියමිත බවයි. ඒ අනුව ලබන 15 වැනිදා සිට සවස 4 න් පසු කොළඹ අක්ෂි රෝහල , මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකළපුව, වවුනියාව, නාවලපිටිය යන රෝහල්වල මෙම ශල්‍යකර්ම සිදු කරන බව ඇය සඳහන් කළා ය. ඇසේ සුද මතුවීමේ රෝගයට ලක්වන සෑම අයකු සඳහා ම එම ශල්‍යකර්මයට අවශ්‍ය වන අක්ෂි කාච නොමිලේ ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ. අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහත්මිය පැවසුවේ, වසරකට එවැනි ශල්‍ය කර්ම ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිදුකරන අතර, එම සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහස ඉක්මවා සිදුකිරිමට අපේක්ෂා කරන බවයි.