අමෙරිකාවේ සුපිරි නිවසක් ගැන රන්ජන්ගේ හෙළිදරව්ව

අමෙරිකාවේ සුපිරි නිවසක් ගැන රන්ජන් රාමනායකගේ හෙළිදරව්ව

by Staff writer 11-09-2019 | 10:05 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා අනාවරණයක් කළේ ය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට අයත් යැයි පැවසෙන අමෙරිකාවේ ඇති සුපිරි නිවසක් පිළිබඳව රන්ජන් රාමනායක මහතා මෙහිදී හෙළිදරව් කළේ ය. ඔහු සඳහන් කළේ, එම නිවසේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1ක් බව ය.