රතුපස්වල සිද්ධිය: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය සහ හමුදා සෙබළුන් 3කට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි

රතුපස්වල සිද්ධිය: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය සහ හමුදා සෙබළුන් 3කට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි

රතුපස්වල සිද්ධිය: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය සහ හමුදා සෙබළුන් 3කට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි

කර්තෘ Staff writer

11 Sep, 2019 | 5:00 pm

COLOMBO (News 1st) – රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා සහ හමුදා සෙබළුන් 3 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ විශේෂ මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබී ය.

ඒ, පිරිසිදු පානීය ජලය ඉල්ලා පවත්වන ලද විරෝධතාවකදී වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පහර දී තුවාල කිරීම සහ උද්ඝෝෂකයින් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 94ක් යටතේ ය.

2013 අගෝස්තු පළමු වන දා වැලිවේරිය, රතුපස්වලදී පුද්ගලයින් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් 12 දෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම සහ ප්‍රදේශවාසීන් 21 දෙනෙකුට පහර දී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ එම නඩුව පවරා තිබේ.

මේනකා විජේසුන්දර, විමල් රණවීර හා නිශාන්ත හපුආරච්චි යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]