ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

11 Sep, 2019 | 7:17 am

දේශීය පුවත්….

1. අකිලගේ ලිපියට සුජීවගෙන් පිළිතුරු : පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ඇතැයි පවසමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා යොමු කළ ලිපියට කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පිළිතුරු දී තිබේ.

2. අගමැති සමග සාකච්ඡාවට සජිත් අරලියගහ මන්දිරයට : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අරලියගහ මන්දිරයට පැමිණියේ ය.

3. පාලිත තෙවරප්පෙරුම ඇතුළු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු 06 දෙනෙකු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

4. පාතාල නායක බ්ලූමැන්ඩල් සංඛ රක්ෂිත බන්ධනාගාරයට : ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ හෙවත් රණසිංහ ආරච්චිගේ සංඛ නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කළා ය.

5. කුඩු රොෂාන් ඇතුළු 7ක් යළි රිමාන්ඩ් : කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

6. ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු13 කට නඩු : ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

විදෙස් පුවත්…

1. උතුරු කොරියාව රහසේ මිසයිල 2ක් අත්හදා ඇති බවට වාර්තා : උතුරු කොරියාව රහසේ මිසයිල දෙකක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ය.

ක්‍රීඩා පුවත්…

1.තිලංග සුමතිපාලට ක්‍රීඩා ඇමතිගෙන් තහනමක් : ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනතේ 39/1 වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ විධානයක් නිකුත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]