by Staff writer 11-09-2019 | 8:37 AM
COLOMBO (News 1st) : අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතව තිබේ.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතාට එරෙහිව කරන විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහායි.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද්වේශ සහගත ලෙස , තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා ජනාධිපති කොමිසමට කළ අතිරේක පැමිණිල්ලක් අනුව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා අද දෙවැනි වරටත්, එම කොමිසම හමුවට කැඳවා තිබේ.
පාසල් පෙළ පොත්වල විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළ කීරීම සම්බන්ධ විමර්ශනයේදී සාක්ෂි දුන් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා ස්ථාන මාරු කෙරිණ.
ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව, ජනාධිපති කොමිසම නියෝග කළේ, අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා යළි අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂක ධුරයට පත් කරන ලෙසයි.
එම සිදුවීමෙන් පසු , අධ්‍යාපන අමාත්‍යංශය විසින් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතාට එරෙහිව යළි විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජනාධිපති කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කලා.
මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා ද, අද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව හමුවට කැඳවා තිබේ.
ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අධික නිලධාරීන් සංඛ්‍යාවක් මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගැනීම සම්බන්ධ පැමිණිල්ලේ සාක්ෂි ලබා දීමටයි.