අත්අඩංගුවට පත් JMI සාමාජිකයින් 11ක් TID භාරයට

අත්අඩංගුවට පත් JMI සාමාජිකයින් 11ක් වැඩිදුර විමර්ශන සඳහා TID භාරයට

by Staff writer 11-09-2019 | 10:59 AM
COLOMBO (News 1st) : තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත මෙම සැකකරුවන් අම්පාර පොලීසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් දින 90 ක රැඳවුම් නියෝග මත සිදුවන විමර්ශන සඳහා එලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඊයේ භාර දීමට පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.