මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු කෑගල්ලේදී අත්අඩංගුවට

මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු කෑගල්ලේදී අත්අඩංගුවට

by Staff writer 10-09-2019 | 1:37 PM
COLOMBO (News 1st) : පුද්ගල ඝාතනයකට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටි පුද්ගලයෙකු කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පුද්ගල ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියකට කෑගල්ල මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් පසු චූදිතයා නොමැතිව තීන්දුව 2006 වසරේ පෙබරවාරි 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඔහුට මරණීය දණ්ඩය නියම කර ඇති බවයි. එසේ වසර 13 ක් සැඟවී සිටි උඩගම දීවෙල ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබ තිබිණ.