පාලිත තෙවරප්පෙරුම ඇතුළු 6 දෙනෙකු රිමාන්ඩ්

පාලිත තෙවරප්පෙරුම ඇතුළු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 10-09-2019 | 3:18 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු 06 දෙනෙකු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අධිකරණ නියෝග කඩ කරමින් මළ සිරුරක් භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ අධිකරණයට භාර වීමෙන් පසු මතුගම මහේස්ත්‍රාත් එන්.එච්.එච්. හල්පන්දෙණිය මහතා එම නියෝගය කළේ ය. තෙබුවන පොලිස් වසමේ ට්‍රොයිට් වතුයායේ මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් එම වත්තේ භූමිදානය කිරීම වළක්වමින් අධිකරණය දී තිබූ නියෝගයක් කඩ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස දේහය වළ දැමූ බවට චෝදනා එල්ල විය.