පාතාල නායක බ්ලූමැන්ඩල් සංඛ රක්ෂිත බන්ධනාගාරයට

පාතාල නායක බ්ලූමැන්ඩල් සංඛ රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 10-09-2019 | 1:59 PM
COLOMBO (News 1st) : ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ හෙවත් රණසිංහ ආරච්චිගේ සංඛ නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළා ය. ඒ , ඔහු අද ඉන්දියාවේ සිට පැමිණ නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි. මනුෂ්‍ය ඝාතන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියදී ඔහු එලෙස අධිකරණයට භාරවිය. පසුගිය දෙසැම්බර් මාසයේදී , බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී තවත් පාතාල කල්ලි සමාජිකයෙකු වන , කළුබෝලේ නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් සංඛට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.