සාමනේර හිමිවරුන් දෙනමකට පහර දුන් නරුමයෙක්

චොක්ලට් 2ක් නිසා සාමනේර හිමිවරුන් දෙනමකට පහර දුන් නරුමයෙක්

by Staff writer 10-09-2019 | 9:16 PM
COLOMBO (News 1st) - සාමනේර හිමිවරුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු චමින්ද ගලබොඩ හෙවත් උටියා ලෙස හඳුන්වන අයෙකු බව ය. ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. තම වෙළෙඳ සලෙන් චොක්ලට් දෙකක් ගත් බව පවසමින් සාමනේර හිමිවරුන් දෙදෙනාට සැකකරු පහර දී තිබිණි.