ගොතටුවේදී අයිස්, ගංජා, සහ මත්පෙති සමග අයෙක් දැලේ

ගොතටුවේදී අයිස්, ගංජා, සහ මත්පෙති සමග අයෙක් දැලේ

by Staff writer 10-09-2019 | 10:49 AM
COLOMBO (News 1st) : ගොතටුව, බටලන්දහේන ප්‍රදේශයේදී අයිස්, ගංජා, සහ මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 450 ක්, ගංජා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 20 ක් සහ මත්පෙති 50 ක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.