කුඩු රොෂාන් ඇතුළු 7ක් යළි රිමාන්ඩ්

කුඩු රොෂාන් ඇතුළු 7ක් යළි රිමාන්ඩ්

by Staff writer 10-09-2019 | 12:06 PM
COLOMBO (News 1st) : කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ලබන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසලදී තියුණු ආයුධවලින් පහරදී ආණමඩුල රංග නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනකු ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධීකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. අදාළ සැකකරුවන් ලබන 19 වන දා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ද ඉදිරිපත් කරන ලෙස මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කළා ය. ත්‍රිරෝද රථ දෙකිනින් පැමිණි පිරිසක් තවත් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි ආනමාලු රංග ඇතුළු දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතන සිදුකර තිබිණ.