ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

by Staff writer 10-09-2019 | 7:27 PM
COLOMBO (News 1st) - ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් පහත දමා තිබේ. මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔක්ටේන් 95 පෙට්‍රල් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් පහත දමා ඇති බව ය. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.