'සාහෝ' ආදායම් වාර්තා බිඳ හෙළයි

සාහෝ චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළයි

by Staff writer 09-09-2019 | 3:55 PM

News 1st - සාහෝ චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වේ.

ප්‍රභාස් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත රඟන මෙම චිත්‍රපටය මේ වනවිට ලොව පුරා සිනමාහල් තුළ ප්‍රදර්ශනය කිරීමෙන් ඉපැයූ මුදල රුපියල් කෝටි 370 ඉක්මවා අවසන් ය. ක්‍රියාදාම චිත්‍රපටයක් වන සාහෝ, සුජීත්ගේ අධ්‍යක්ෂණයකි.