ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 09-09-2019 | 9:22 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට ලැබී ඇති බවයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයට පෙර අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.