බුර්කිනා ෆාසෝහි ප්‍රහාර 2 ක්

බුර්කිනා ෆාසෝහි ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු මරුට

by Staff writer 09-09-2019 | 5:57 PM

COLOMBO (News 1st ) - බුර්කිනා ෆාසෝ රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු ප්‍රදේශයේ පිහිටි ආහාර රැගත් රථ පෙළකට සහ ට්‍රක් රථයකට එම ප්‍රහාර එල්ල වී ඇති බවයි. ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් බහුතරයක් වෙළෙඳුන් බව සඳහන් වේ. විශේෂත්වය වන්නේ බුර්කිනා ෆාසෝහි ආරක්ෂාව තර කර ඇති පසුබිමකදී මෙම ප්‍රහාර එල්ලවීමයි. ප්‍රහාරවලට වගකිව යුතු පාර්ශවයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.