බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ වැඩ වර්ජනයක්

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ වර්ජනයක් නිසා ගුවන් ගමන් සියල්ලම අවලංගුයි 

by Staff writer 09-09-2019 | 5:47 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් නියමුවන් අද පැය 48 ක වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් එම ගුවන් සේවයේ ගුවන් ගමන්වාර සියල්ලම අවලංගු වී ඇති බවයි. වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දහස් ගණනක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ද වාර්තා වේ. ගුවන් සේවය තුළ ලාභාංශ වැඩි ප්‍රමාණයක් ගුවන් නියමුවන්ට ලබාදිය යුතු බව පවසමින් ඔවුන් විරෝධතාවල නිරත වන බව ද විදෙස් මාධ්‍ය විසින් සඳහන් කරනු ලැබීය.