බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානයට ලකුණු 224ක ජයක්

බංග්ලාදේශයට එරෙහිව ඇෆ්ගනිස්ථානය පළමු වරට ටෙස්ට් ජයක්

by Staff writer 09-09-2019 | 6:24 PM

 COLOMBO (News 1st ) - බංග්ලාදේශයට එරෙහිව පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්විය.

ඒ, දෙරට අතර බංග්ලාදේශයේ චටෝගෑම්හිදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 224 කින් ජය ගනිමිනි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 205 ක් පමණි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ලකුණු 260 ක් රැස් කළේය. ඒ, අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 398 කි. එම ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 173 ක් පමණි. තරගයේ වීරයා සම්මානය ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන්ට හිමිවිය.