දුමින්ද නාගමුවත් ජනාධිපතිවරණයට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව නම් කෙරේ

by Staff writer 09-09-2019 | 5:36 PM

COLOMBO (News 1st) - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා නම් කර තිබේ.

ඒ, මහතා එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයායි. ඔහු 2015 වසරේදී ද පෙරටුගාමී පක්ෂය සහ වමේ පක්ෂ කිහිපයක එකතුවෙන් ගොඩ නැගු සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ද ඉදිරිපත් විය. දුමින්ද නාගමුව මහතා 2004 සිට 2006 දක්වා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේ ය.