පුත්තලම, කුරුණෑගල PHI වර්ජනය තවදුරටත්

පුත්තලම, කුරුණෑගල PHI වර්ජනය තවදුරටත්

by Staff writer 09-09-2019 | 7:43 AM
COLOMBO (News 1st) : වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, සේවා උසස්වීම් ලබා නොදීම, ගමන් වියදම් ලබා නොදීම, සේවා ආවරණ දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක බවයි. වයඹ පළාතේ ඩෙංගු මර්දන කටයුතු , ජල සාම්පල පරීක්ෂාව, ආහාර වැටලීම්, පාසල් ළමුන්ට එන්නත් කිරීමේ කටයුතු ඇතුළු රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ඉවත්ව ඇති බව ඔහු සඳහන් කළේ ය. මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.