ජනාධිපතිවරණය කැඳවීමේ බලය හෙට සිට මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණය කැඳවීමේ බලය හෙට සිට මැතිවරණ කොමිසමට

by Staff writer 09-09-2019 | 6:26 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා තම කොමිසමට හෙට සිට බලය හිමි වන බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාම ලේඛනය සලකා බලන බවයි. ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා නව ඡන්ද ලක්ෂ 2 ක් පමණ එක්වනු ඇතැයි ඔහු පැවසුවේ ය. මේ වන විට දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු සහ ස්වාධීනව එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා තරග කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.