ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 18ක්

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 18ක්

by Staff writer 09-09-2019 | 12:04 PM
COLOMBO (News 1st) : ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වන බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු හා හිටපු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව ඉදිරිපත් වන බවට දැනුම්දී ඇති බවයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් අතර හමුවක් ද අද පැවැත්වේ. ඒ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට පත් කෙරෙන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය ද අද නිකුත් කිරීමට නියමිතව තිබේ.